ශ්‍රී ලංකා මගී ප්‍රවාහන ක්ෂේත්රය තුළ ප්‍රමුඛතම මහජන කේන්ද්‍රිය ප්‍රවාහන පද්ධතිය බවට ඌව පළාත පත්කිරීම
දැක්ම
දැක්ම
ඌව පළාත තුළ ප්‍රවාහන ක්ෂේත්රයේ ආයෝජනය කර ඇති සීමිත ආයෝජකයින්ගේ ආයෝජන ප්රශ්ස්ථ ලෙස කළමනාකරණය කරමින් ඌව පළාතේ ජනතාවගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා කාර්යක්ෂම, ඵලදායීය හා විශ්වාසනීය ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාම.
අප ගැන
2001 අංක 1 දරණ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා ප්රඥප්තිය යටතේ ස්ථාපිත ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පළාත තුල පොදු මගී ප්රවවාහන සේවාවේ ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්යක්ෂම, ආරක්ෂාකාරී හා ගුණාත්මක මෙන්ම පිරිවැය ඵලදායී මගී ප්‍රවාහන සේවාවක් පළාත තුළ අරමුණු කර ගැනීම පිණිස විවිධ ක්‍රියාකාරකම් වල නියැලමින් සිටි. ඒ සඳහා ඌව පළාත තුල ස්ථාපිත බස්නැවතුම්පලවල් කේන්ද්‍ර කරගනිමින් පළාත පුරා විහිදුණ සේවා මාර්ග ඔස්සේ ධාවනය වන බස්රථ, ගමන්වාර මඟින් දෛනිකව මගී ජනතාවක් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට අධිකාරිය විසින් කටයුතු කරනු ලැබේ.
මගී ප්‍රවාහන සේවා සැලසීමේ සහ නියාමනය කීරීමට අමතරව මනා පුහුණුව ලත් විනයගරුක රියදුරන් දායාද කීරීමේ පරමාර්ථයෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියට අනුබද්ධව රියදුරු පුහුණු පාසැලක් පවත්වාගෙන යන අතර, ඉන් පෞද්ගලික බස්රථ සඳහා වන රියදුරන්ට අමතරව ස්වයං රුකියා නියුක්තිකයන් වීමේ බලාපොරොත්තුවෙන් මෙන්ම පෞද්ගලික රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂිත විශාල පිරිසක් සඳහා පුහුණුව ලබා දෙනු ලැබේ.
- අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර නිල බලැති සාමාජිකයින් 6 දෙනෙකු සහ පත් කළ සාමාජිකයින් 7 දෙනෙකු ලෙස අමාත්‍යාවරයා විසින් එක් එක් විෂය ක්ෂේත්රයන් යටතේ වසර 03ක කාලයක් සඳහා නම් කරනු ලබයි.
- ගරු අමාත්‍යවරයාගේ අනුමැතිය මත අධ්යක්ෂ මණ්ඩලය අතුරින් එක් සාමාජිකයකු සභාපතිවරයා ලෙස පත් කරනු ලබයි.
- 2023.02.13 වන දින සිට වසර තුනක් දක්වා පත් කරන ලද 09 වන අධ්යක්ෂ මණ්ඩලය දැනට ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සිටී.

